ජනාධිපතිවරයාගේ ධුර කාලයෙන් 45% ක් ගතවී ඇති අතර තවදුරටත් වත්මන් ආණ්ඩුව සිදු කරනු ලබන්නේ පසුගිය ආණ්ඩු සමයේ ආරම්භ කරනු ලැබූ ව්‍යාපෘති විවෘත කිරීමක් පමණක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා පවසනවා.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාව වෙනුවෙන් සචිනි සීලවර්ධන සමග රතු කට්ට දේශපාලන සංවාදයට සහභාගි වෙමින්.