ජිනීවා යෑමට තීරණය කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට පෙර බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික මිලින්ද රාජපක්ෂ මහතා පවසනවා.
මිලින්ද රාජපක්ෂ මහතා පැවසුවේ ජිනීවා යෑමේ ප්‍රධාන අරමුණ 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් දැනුවත් කිරීම බවයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික මිලින්ද රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේ නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාව වෙනුවෙන් සචිනි සීලවර්ධන සමග රතු කට්ට දේශපාලන සංවාදයට සහභාගි වෙමින්.
සචිනි සීලවර්ධන : ජිනීවා ගියාට පස්සේ කෙළින්ම නෙත් එකටද ආවේ?
මිලින්ද රාජපක්ෂ මහතා : කෙළින්ම මෙහෙට තමයි ආවේ.
සචිනි සීලවර්ධන : ජිනීවා වල මොකද වුණේ කියලා කියන්න කැමතිද?
මිලින්ද රාජපක්ෂ මහතා : කැමතියි. ජිනීවා වල අපි... ඇත්තටම මම ජිනීවා වලට යන්න ලෑස්ති වුණේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමාව අත්අඩංගුවට ගන්න සතියක හමාරකට කලින්. අපේ මූලික අවධානය යොමු වෙලා තිබ්බේ 22 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ඒ සම්බන්ධයෙන් තිබෙන ප්රශ්නය ගැන කතා කරන්න. ඒ සම්බන්ධයෙන් අපි උපදෙස් අරන් තිබ්බේ ඒ වෙනකොට බාර් ඇසෝසියේෂන් එකෙන් සහ අනෙකුත් ප්‍රවීණයන්ගෙන්. ඒ වගේම තව අතුරු ප්‍රශ්නයක් තිබ්බා, ඒ තමයි බ්‍රයිබරි ඇක්ට් එකත් මේ වෙලාවේ ඇමෙන්ඩ් කරනවා. ඒ කියන්නේ ගොඩක් අය කතා කරන්නේ නැහැ. ඒ බ්‍රයිබරි ඇමෙන්ඩ්මන්ට් එක ඇක්ට් කරපුවාම ඔබට, මට, කිසි කෙනෙකුට මෙහෙම වැඩසටහනක මැති ඇමතිවරුන්ගේ, ඒගොල්ලන්ගේ මුදල් හදල් ගැන, ඒගොල්ලෝ දේපළ හම්බ කරගත්ත විදිහ ගැන කතා කරන්න හම්බ වෙන්නේ නැහැ මේ ඇක්ට් එකෙන් වෙනස් කරාට පස්සේ. ඒක ගැනත් කතා කරන්න උවමනාව තිබ්බා.
ඊළඟට, අපි මීට කලින් මානව හිමිකම් කොමිෂන්... කොමසාරිස්තුමාගේ වාර්තාව කියවලා තිබුණේ. ඒ වාර්තාවේ තිබුණු තව වැදගත් අංගයක් තමයි මේ බන්ධනාගාර වල තිබෙන මානව හිමිකම් ප්රශ්නය ගැන. මේක අපිට ගොඩක් අදාළයි. මොකද අපි දන්නවා මේ ආණ්ඩුව මේ බන්ධනාගාර වල හිතාමතා මේ ප්රශ්නය ඇති කරන්නේ ඇයි, අර්බුදය ඇති කරන්නේ ඇයි, ඒ හරහා ඉදිරියේදී සිදුවිය හැකි දැවැන්ත ජීවිත අනතුරු කීපයක් අපිට පේන නිසා ඒක ගැනත් අපිට කතා කරන්න ඕන වෙලා තිබුණා. පොදුවේ නීතියේ ආධිපත්‍යය ගැන කතා කරන්න.
හැබැයි මම ජිනීවා යන්නේ ඔන්න මෙන්න කියලා දවස් දෙකකට කලින් නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමාව අත්අඩංගුවට ගන්නවා. ඒ නිසා මට සිද්ධ වුණා අපේ ගමනේ පොඩි වෙනස්කමක් කරන්න. ඒ තමයි අපි එතනදී ඇඩ්රස් කරා තව කාරණා දෙකක් එකතු කරා මම මගේ කතාවට. එකක් තමයි දේශපාලකයන්ව තෝරා බේරාගෙන විපක්ෂයේ දේශපාලන හඬ මර්ධනය කිරීම සඳහා ආණ්ඩුව සහ ආණ්ඩුව කරන දේශපාලන පක්ෂය කරගෙන යන වැඩපිළිවෙළ ගැන.
අනිත් පැත්තෙන්, මේ සංවාදය නිර්මාණය කිරීම සඳහා සමාජ ජනමාධ්‍යවේදීන් මැදිහත් වෙලා නගන හඬ, ඒක මර්ධනය කිරීම සඳහා කොයි තරම් වැඩපිළිවෙළක් ඉතාම සැලසුම් සහගතව ක්‍රියාත්මක වෙනවද, කොයි තරම් ලොකු ත්රස්තවාදයක් අද සමාජ ජනමාධ්‍ය වල ක්‍රියාත්මක වෙනවද කියන එකත් මට කතාවට එකතු කරන්න ඕන වෙලා තිබුණා. ඔය සේරම කියන්න තත්පර 90යි තියෙන්නේ.
හැබැයි ජිනීවා යනවා කියන්නේ තත්පර 90 කතා කරන එක විතරක් නෙමෙයි සචිනි. එතනින් එහාට ගිහිල්ලා එහිදී අපි අනිත් ඇම්බසඩර්ස්ලාව හම්බ වෙනවා, අනිත් රටවල් වලින් එන විදේශ ඇමතිවරු හම්බ වෙනවා. මම නම් ඉන්ටර් පාර්ලිමෙන්ටරි යුනියන් එකට ගියා. මට යුරෝප් වල ලෝයර්ස්ලා හදලා දුන්නු නාමල් මන්ත්‍රීතුමාට අදාළ පැමිණිල්ලකුත් අරගෙන මම බර්න් වල තියෙන පාර්ලිමේන්තුවට ගියා. ස්විට්සර්ලන්තයේ ෆෙඩරල් පාර්ලිමේන්තුවට ගිහිල්ලා ලියුමක් භාර දුන්නා. මම ඊට පස්සේ එතනින් ජර්මනියට ක්‍රොස් කරා. ගිහිල්ලා මම ජර්මනියට ගිහිල්ලා ජර්මනියේ දේශපාලන පක්ෂ දෙකක් හම්බුණා. දේශපාලන පක්ෂ දෙක මොකක්ද කියලා එක පක්ෂයක් නම් ගොඩක් අය බැලූ බැල්මට දන්නවා මොකද මම ලිබරල් පක්ෂයට කිට්ටු හින්දා...
සචිනි සීලවර්ධන : දේශපාලන නායකයන්ව හම්බුණේ නැද්ද?
මිලින්ද රාජපක්ෂ මහතා : නැහැ. අපේ අරමුණ තිබුණේ ඒක කරන්න ඕනේ අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ, මහ ලේකම්වරුන්ගේ මට්ටමෙන් කරන්න ඕන වැඩක්නේ ඒක. මගේ මූලික අවධානය යොමු වෙලා තිබුණේ මේ නිලධාරීන් හමු වෙන එක.
සචිනි සීලවර්ධන : ඒ කියන්නේ යම්කිසි ආකාරයක බලපෑමක් කරන්න පුළුවන් ආකාරයේ නිලධාරීන්ව හම්බුණා?
මිලින්ද රාජපක්ෂ මහතා : ඔව්, නිලධාරීන්ව හම්බුණා. නිලධාරීන්ව හම්බුණා. සමහරවිට ඒ වාසනාවට අපේ නීතිඥයෝ, ලංකාවේ සහ විශේෂයෙන්ම යුරෝපයේ වෙසෙන ශ්‍රී ලාංකික නීතිඥයෝ ගොඩක් මහින්ද ජනාධිපතිතුමා සමඟ සම්බන්ධ කාලයක් තිස්සේ අපේ දේශපාලන කඳවුර විශ්වාස කරන අය, ඒගොල්ලෝ මේ ආයතන සහ සංවිධාන වැඩ කරන හැටි දන්න අය. මොකද දැන් උදාහරණයක් විදිහට මට බර්න් පාර්ලිමේන්තුවට ගිහිල්ලා, ෆෙඩරල් ස්විට්සර්ලන්ත පාර්ලිමේන්තුවේ නිකන් ලියුමක් දීලා එන්න බැහැ. එහෙම නැත්නම් ඉන්ටර් පාර්ලිමෙන්ටරි යුනියන් එකට ගිහිල්ලා මෙහෙ ලියාගත්ත ලියුම් කවරෙක ලියුමක් දීලා එන්න බැහැ, පැමිණිලි කරන විදිහක් තියෙනවා. ඒක අපේ යුරෝප් වල ඉන්න ලෝයර්ස්ලා දැනන් හිටියා. ඉතින් ඒගොල්ලෝ ඒවා හරියට සබ්මිට් කරලා, ඇපොයින්ට්මන්ට්ස් අරගෙන, මට ගිහිල්ලා හරියට භාර දෙන්න තමයි තිබුණේ ඒ වැඩේ. ඒගොල්ලෝ ඕගනයිස් කරලා තිබ්බ හින්දා ඒගොල්ලන්ටත් ස්තුතිවන්ත වෙන්න ඕනේ.
සචිනි සීලවර්ධන : මේ ගමන ගියේ නාමල් රාජපක්ෂව බේරා ගන්න කියන අදහසින් නෙමෙයි?
මිලින්ද රාජපක්ෂ මහතා : ඇත්තටම නාමල් රාජපක්ෂව බේරා ගත හැක්කේම... නාමල් රාජපක්ෂගෙන් එහාට ගිහිල්ලා විපක්ෂයේ ආණ්ඩුවට විරුද්ධව හඬක් නගන ඕනෑම කෙනෙක්, ඒ උදය වෙන්න පුළුවන්, විමල් වෙන්න පුළුවන්, දිලීප් වෙන්න පුළුවන්, සජිත් වෙන්න පුළුවන් - මම ඒක යන්න කලිනුත් ප්‍රෙස් කොන්ෆරන්ස් එකේදී කිව්වා...
සචිනි සීලවර්ධන : අර්චුනා වෙන්නත් පුළුවන්?
මිලින්ද රාජපක්ෂ මහතා : ඔව්, අර්චුනා වෙන්නත් පුළුවන්. ඒ ඕනෑම කෙනෙක්ව මෙතනින් එහාට බේරා ගත හැක්කේ, මම බේරා ගත හැක්කේ කියද්දී කියන්නේ හිතාමතා මේ කරන මර්ධනයටම මුහුණ දිය හැකි වන්නේම පොදුවේ නීතියේ ආධිපත්‍යයට අදාළ මූලික ප්රශ්නය ගැන අපි කතා කරොත් විතරක්. එහෙම නැතුව තනිවම නාමල් මන්ත්‍රීතුමා අත්අඩංගුවට ගත්ත එක වැරදියි කියලා හෝ අර්චුනාට වෙන බලපෑම් ගැන ඒ එකිනෙක අරන් ඇඩ්රස් කරන එක දේශපාලනික කාරණාවක් අපි ලංකාවේ කරන්න ඕන. එතනින් එහාට ගිහිල්ලා අද පොදුවේ අධිකරණයට කරන බලපෑම, ව්‍යවස්ථා සංශෝධන වල තිබෙන නීති විරෝධී භාවය, කාලයක් තිස්සේ අපි ගොඩනගපු මේ බිල්ස් වලට, ඇක්ට්ස් වලට මෙගොල්ලෝ අත්තනෝමතිකව කරන වෙනස්කම, මේ පොදු නීතියේ ආධිපත්‍යය, නීතියේ ආධිපත්‍යයෙන් එහාට ගිහිල්ලා අර මගේ කතාවේ මම කිව්වා වගේ අපේ රිපබ්ලික් එකේ, අපේ ජනරජයේ වටිනාකම් විනාශ වෙන්න යනවා. මොකද මේවා දැන් අපි යුරෝපයට ගිහිල්ලා කියද්දී ඒගොල්ලන්ට තක් ගාලා මේක තේරෙනවා. මොකද ඒගොල්ලෝ දැකලා තියෙනවා කොහොමද සමාජවාදී දේශපාලන පක්ෂ නායකත්වය ගත්තාම රටේ, ඒගොල්ලෝ අර ස්ටාලින් දිහා බලලා, උතුරු කොරියාව දිහා බලලා කොහොමද ඒගොල්ලෝ ඒ ප්ලේ බුක් එක ප්ලේ කරන්නේ, ඒගොල්ලෝ කොහොමද විපක්ෂය මර්ධනය කරන්නේ, වෘත්තීය සංවිධාන මර්ධනය කරන්නේ, මාධ්‍ය මර්ධනය කරන්නේ කියන එක ඒගොල්ලෝ කරන්නේ ඉතාම ලස්සනට, ඉතාම අපිට හිතාගන්න බැරි තරම් විදිහට.




