දුම්රිය වෘත්තිය සමිති කිහිපයක් ආරම්භ කළ දෙදින වැඩවර්ජනය හේතුවෙන් ප්‍රධාන දුම්රිය ස්ථාන සදහා විශේෂ ආරක්ෂාවක් යොදවා තිබෙනවා.
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට එම වෘත්තීය සමිති දුම්රිය වර්ජනයක් ආරම්භ කළද අද පෙරවරුවේ කාර්යාල දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනය කළ බවයි දුම්රිය ගමනා ගමන අධිකාරී අසංක සමරසිංහ මහතා පැවසුවේ.
කෙසේවෙතත් පෙරවරුවේ දුම්රිය ප්‍රමාදයක් පැවති බව රාගම දුම්රිය ස්ථානයේ ක්ෂේත්‍ර චාරිකාවක නිරතව සිටින නෙත් නිවුස් නියෝජිත බෙනඩ් ෆර්ඩිනෑන්ඩස් පැවසුවා.
" දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සහ වෘත්තීය සමිති කිහිපයක් එකතුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක් ආරම්භ කෙරුණා. එම වර්ජනය හේතුවෙන් අද උදෑසන දුම්රිය මගීන් අපහසුතාවයට පත් වුණු ආකාරය අපිට දැක ගැනීමට හැකි වුණා. රාගම දුම්රිය ස්ථානයේදී අපට දැක ගැනීමට හැකි වුණේ සියලුම පැමිණෙන දුම්රියන් නියමිත වේලාවන් වලට නොපැමිණීම හේතුවෙන් අද උදෑසන කාර්යාල සඳහා යන මගීන්ට දැඩි අපහසුතාවකට පත් වෙන්න සිදු වුණා. කොළඹ සිට හලාවත දක්වා ගමන් ගන්නා දුම්රියන්ද, කොළඹ සිට නුවර දක්වා ගමන් ගන්නා දුම්රියන්ද, නුවර සිට කොළඹත්, හලාවත සිට කොළඹත් ගමන් ගන්නා දුම්රියන් සියලුම දුම්රියන් ප්‍රමාද වී ධාවනය වීම හේතුවෙන් මගීන් අපහසුතාවයට පත් වුණා. ඇතැම් මගීන්ට දුම්රියට ගොඩවීමට පවා ඉඩකඩ නොමැති බව අපිට දැක ගැනීමට හැකි වුණා. ඒ වගේම රාගම දුම්රිය ස්ථානයේ මගීන්ට ප්‍රවේශ පත්‍රද නිකුත් කිරීම සිදු කෙරුණා. දැනට මෙයයි රාගම දුම්රිය ස්ථානයේ තත්ත්වය."




