Published
අස්වැසුම‘ සුබසාධක ප්රතිලාභ යෝජනා ක්රමයේ පළමු අදියර යටතේ සුදුසුකම් ලැබූ ප්‍රතිලාභීන් සඳහා ජුනි මාසයට අදාළ දීමනා ගෙවීම් අද සිදු කරන බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය පවසනවා.
ඒ අනුව, ප්‍රතිලාභී පවුල් දහතුන් ලක්ෂ හැත්තෑ තුන් දහස් දෙසිය හතලිස් අටක් සඳහා අදාළ ප්රතිලාභ බැංකු ගිණුම් වෙත අද බැර කරනු ලබනවා.
සුබසාධක ප්රතිලාභ මණ්ඩලයේ සභාපති නිමල් කොටවලගෙදර මහතා සඳහන් කළේ, මෙම ගෙවීම් කටයුතු සිදු කරනු ලබන්නේ ‘අස්වැසුම‘ පළමු අදියරේ ප්‍රතිලාභීන් වෙනුවෙන් පමණක් බවයි.
ඒ අනුව අද දින සිට අදාළ ප්‍රතිලාභීන්ට තමන්ගේ අස්වැසුම බැංකු ගිණුම් හරහා මුදල් ලබා ගැනීමට හැකියාව පවතිනවා.




