Published
ඇමෙරිකා එක්සත් ජනපදයේ පැවති මධ්‍යවාර මැතිවරණයේ මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල අනුව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂය පරාජයවීමත් සමග මෙරට ඉන්ධන මිල ද පහත යනු ඇතැයි ශ්‍රී ලංකාවේද ඇතැම් අය විශ්වාස කිරීමට පටන්ගෙන තිබෙනවා.
මැතිවරණ ප්‍රතිඵලයත් සමග මේ වනවිට ලෝක වෙළද පොළේ බොරතෙල් මිල පහතට වැටී තිබුණා.
කෙසේවෙතත් ලංකා ඉන්දියන් ඔයිල් හා සයිනොපෙක් සමාගම් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඔක්ටේන් 95 පෙට්‍රල් මිල ඉහළ දැමුවා.
ලංකා ඉන්දියන් ඔයිල් හා සයිනොපෙක් සමාගම් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල ඉහළ දැමුවේ රුපියල් 20කින්.
ඒ අනුව රුපියල් 495ක්ව පැවති ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 515ක්.
කෙසේවෙතත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තවදුරටත් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 490ක මිලට අළෙවි කරනු ලබනවා.




