ඩෙංගු අධි අවදානම් සහ අධි වසංගත තත්ත්වය පාලනය කර ගැනීමට තවදුරටත් ජනතාවගේ සහාය අවශ්‍ය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හමුවේ ඩෙංගු මදුරුවන්ගේ ව්‍යාප්තිය ඉහළ යාමේ අවදානමක් පවතින බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය සදහන් කළේ.

ඒ අනුව මදුරුවන් බෝවිය හැකි ස්ථාන කඩිනමින් ඉවත් කිරීමට කටයුතු කරන ලෙස එම ඒකකය ජනතාවගෙන් ඉල්ලීමක් කළා.

මේ වනවිට සෑම දිස්ත්‍රික්කයකම ඩෙංගු මදුරු කීට සමීක්ෂණ සිදුකරමින් ඇති බවද ජාතික ඩෙංගු මර්දන ඒකකය වැඩිදුරටත් සදහන් කළා.