මාතර, තලල්ල වෙරළේ තිබී මත්ද්‍රව්‍ය අඩංගු බවට සැකකෙරෙන උර 10ක් සහ ගමන් මළු 11ක් අද උදෑසන සොයා ගත්තා.

ඒ, නාවික හමුදාව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව සිදුකළ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදීයි.

කෙසේවෙතත් සැකකරුවන් කිසිවෙකුත් එම අවස්ථාවේ අත්අඩංගුවට ගෙන නැහැ.

අදාළ උර සහ ගමන් මළුවල ඇත්තේ කුමන මත්ද්‍රව්‍ය ද යන්න පරීක්‍ෂා කිරීමට නියමිතයි.

ඒ අනුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් එම ස්ථානයට පැමිණෙමින් සිටින බවයි වාර්තා වුණේ.

අදාළ උර සහ ගමන් මළු තොගය රැගෙන ආවේ කවුරුන්ද?

ඒවා අයත් කාටද ? යන්න සම්බන්ධයෙන් පුළුල් විමර්ශන දැනටමත් ආරම්භ කර තිබෙනවා.