රුපියල් කෝටි ගණනින් මුදල් වංචා කළ බවට චෝදනා එල්ල වී ඇති තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිනී තිලිණි ප්‍රියමාලි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.
සැකකාරිය වෙනුවෙන් ඇපකරුවන් පෙනී සිටින බවට පුද්ගලයන් දෙදෙනෙකු ඉදිරිපත් කළ ඇප තබා ඇත්තේ ඔවුන් නොවන බව පවසමිනුයි මහේස්ත්‍රාත්වරයා අදාළ වරෙන්තුව නිකුත් කළේ.
තිළිණි ප්‍රියමාලි ඇතුළු 06 දෙනෙකුට එරෙහිව පවරා ඇති මුදල් වංචා චෝදනා ගණනාවකට අදාළ නඩු කැඳවූ අවස්ථාවේ තවත් සැකකරුවන් කිහිප දෙනෙකු අධිකරණය හමුවේ පෙනී සිටියේ නැහැ.
ඔවුන් වෙනුවෙන් ඇපකරුවන් පෙනී සිටියා.
මෙහි තවත් සැකකාරියක වන දැනට රිමාන්ඩ් භාරයේ සිටින ජානකී සිරිවර්ධන යන අය වෙනත් නඩුවකට රිමාන්ඩ් භාරයේ පසුවන බවයි ඇයගේ නීතිඥවරයා කියා සිටියේ.
මෙම සිද්ධියට අදාළව ඇප මත මුදා හැර සිටින බොරැල්ලේ සිරිසුමන හිමියන් අධිකරණය හමුවේ පෙනී සිටි අතර විදෙස් ගතවීමට කළ ඉල්ලීමට ද අවසර ලැබුණා.
තිළිණි ප්‍රියමාලි ඇතුළු පිරිසට එරෙහි නඩු සියල්ල ලබන වසරේ මාර්තු 31වනදා යළි කැඳවන ලෙසයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.




