පකිස්ථාන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට සත්කාරක පකිස්ථාන කණ්ඩායම මීට නොබෝවෙලාවකට පෙර සමත් වුණා.

ඒ උණුසුම් තරගයකින් ශ්‍රී ලංකාව කඩුලු තුනකින් පරාජය කරමින්.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50දී කඩුලු 8ක් දැවී ලකුණු 325ක් ලබා ගත්තා.

ඒ අනුව තරඟය ජයගැනීම සඳහා පාකිස්ථානය ලකුණු 326ක් ලබාගත යුතු වූ අතර ඔවුන් ජය තහවුරු කර ගත්තේ පන්දුවාර 48යි පන්දු 3දී කඩුලු 7ක් පමණක් දැවී ලකුණු 331ක් ලබා ගනිමින්.

පකිස්ථානයේ ලාහෝර් නුවරදි තරඟය පැවැත්වුණා.