අද දිනයේ ද දිවයිනේ බොහෝ ප්‍රදේශවල දන්සැල් සංවිධානය කර ඇති බව මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය පවසනවා.

එහි ප්‍රධාන ලේකම් චමිල් මුතුකුඩ මහතා පැවසුවේ අද දිනයේ ද දන්සැල් පරීක්ෂා කිරීමේ කටයුතු සිදු කරන බවයි.

පසුගිය දින දෙක තුළ දන්සැල් සංවිධානය කළ ඇතැම් සංවිධායකවරුන් සිය දන්සැල සංවිධානය කළ පරිශ්‍රය නිසි ආකාරයෙන් පිරිසිදු කර නොමැති බවට වාර්තා  වනවා.

ඒ සම්බන්ධයෙන් යලිත් සොයා බලා එවැනි සංවිධායකවරුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් චමිල් මුතුකුඩ මහතා වැඩිදුරටත් පැවසුවේ.