Published
මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබියදී ශ්‍රී ලංකාවට දකුණින් පිහිටි ගැඹුරු මුහුදේදී නාවික හමුදා භාරයට ගත් ධීවර යාත්‍රාවේ තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 3යි ග්‍රෑම් 600ක් සොයාගෙන තිබෙනවා.
අදාළ යාත්‍රාව සමග විදෙස් ජාතිකයන් හත් දෙනෙකු ද නාවික හමුදා භාරයට ගෙන තිබුණා.
ඔවුන් අදාළ යාත්‍රාව සමග ඊයේ දිනයේ දික්ඕවිට වරායට රැගෙන එනු ලැබුවා.
ඒ අනුව එම විදෙස් සැකකරුවන් සහ හෙරොයින් තොගය වැඩිදුර විමර්ශන සදහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදි තිබෙනවා.




