කැළණිය සහ වනවාසල දුම්රිය ස්ථාන අතරදි සිදුවූ දුම්රිය අනතුරෙන් තුවාල ලැබූ මගීන් සිව් දෙනෙකු මේ වනවිට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

එලෙස රෝහල් ගත කර ඇත්තේ පිරිමි පුද්ගලයෙකු සහ කාන්තාවන් තිදෙනෙකු බවයි කොළඹ ජාතික රෝහල පැවසුවේ.

ඔවුන් සිව් දෙනා මේ වනවිට හදිසි අනතුරු අංශයේ ප්‍රතිකාර ලබන බවත් ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවත් එම රෝහල් ප්‍රකාශකයෙකු නෙත් නිවුස් කළ විමසීමකදී පැවසුවා.

පොල්ගහවෙල සිට කොළඹ කොටුව බලා ධාවනය වූ එම දුම්රිය කැළණිය සහ වනවාසල දුම්රිය ස්ථාන අතරදි පීලි පැනීමකට ලක් වුණේ අද අළුයම 5.40ට පමණයි.

පීලි පැනීමට ලක් වූ එම දුම්රියේ එක් මැදිරියක් පෙරළී ගොස් ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

කෙසේවෙතත් ප්‍රධාන මාර්ගයේ අනෙකුත් මංතීරු හරහා ප්‍රමාදවීම් සහිතව සෙසු දුම්රිය ධාවනය කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවා.