දේශීය අර්තාපල් කිලෝවක් රුපියල් 220 බැගින් හෙට (10) සිට
මිලදී ගැනීමට රජය තීරණය කර තිබෙනවා.
ඒ, මෙරට දේශීය අර්තාපල් ගොවීන් මුහුණ දෙන අලෙවිකරණ ගැටළු සඳහා කඩිනම් විසඳුම් ලබාදෙමින්, දේශීය අර්තාපල් අස්වැන්න සාධාරණ මිලකට මිලදී ගැනීම සදහායි
නුවරඑළිය බ්ලැක්පූල් ප්‍රදේශයේ පිහිටි, සී/ස නුවරඑළිය කෘෂිකර්ම සමුපකාර සමිතියේ මිලදී ගැනීමේ මධ්‍යස්ථානයේදී, හෙට (10) සිට මෙම කටයුතු ආරම්භ වන බවයි වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය පැවසුවේ.
ඒ අනුව දේශීය අර්තාපල් කිලෝවක් රුපියල් 220 ක සහතික මිලකට සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව (CWE) හරහා මිලදී ගනිමින් ලංකා සතොස හරහා පාරිභෝගිකයාට සහන මිලකට ලබාදීමට නියමිතයි.
එක් ගොවියෙකුගෙන් අර්තාපල් කිලෝ 1,000 ක උපරිමයකට යටත්ව මෙම මිලදී ගැනීම් සිදු කිරීමට නියමිත බවයි වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය පැවසුවේ.
ඒ අනුව ගොවීන්ට සිය අස්වැන්න සඳහා සාධාරණ මිලක් ලබාදීමටත්, පාරිභෝගිකයාට සහන මිලට දේශීය අර්තාපල් ලබාදීමටත් රජය සහ පෞද්ගලික අංශයේ වෙළෙඳ ජාලයන් ද එක්ව මෙම කටයුතු සිදු කරනු ඇති.




