Published
කළුතර නාගොඩ ප්‍රදේශයේ අවන්හලකට එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් බරපතල තුවාල ලබා රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ කාන්තාවද ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පසුගියදා සිදු වූ එම වෙඩි තැබීමෙන් ඇයගේ සැමියා වන අවන්හල් හිමිකරු ජීවිතක්ෂයට පත්වුණා.
ඒ, අවන්හල් තුලදීයි.
යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් අදාල වෙඩි තැබීම සිදුකර පලාගොස් තිබුණා.
ඒ අනුව සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් කණ්ඩායම් කිහිපයක් විමර්ශන ආරම්භ කළා.
එහි ප්‍රතිඵලයක් ලෙස එම සිද්ධියේ ප්‍රධාන වෙඩික්කරු මඩකළපුව ප්‍රදේශයට බස් රථයකින් පලා යමින් සිටියදී වාලච්චේන ප්‍රදේශයේදි අත්අඩංගුවට ගත්තා.
ඒ, පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් කණ්ඩායමක් විසින්.




