රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා සතුටින් බන්ධනාගාරය තුළ කාලය ගත කරන බව බන්ධනාගාර ආරංචි පවසනවා.
ඔහු රදවා සිටින්නේ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ තවත් රැඳවියන් 10දෙනෙකු සමග එක් වාට්ටුවක බවයි එම ආරංචි පැවසුවේ.
එම වාට්ටුවේ රදවා සිටින සෙසු රැඳවියන් වන්නේ විවිධ චෝදනාවන්ට ලක්ව සිටින රාජ්ය සේවකයන් බවද වාර්තා වුණා.
ඒ අතර ආරක්ෂක අංශ සාමාජිකයන් ද සිටිනවා.
නාමල් රාජපක්ෂ මහතා එම රැඳවියන් සමග සුහදව සහ සතුටින් බන්ධනාගාර වාට්ටුව තුළ කාලය ගත කරන බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ.
එමෙන්ම මන්ත්රීවරයා කිසිදු විශේෂ වරප්රසාදයක් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයෙන් ඉල්ලා නොමැති බවද බන්ධනාගාර ආරංචි පැවසුවා.
ඒ අනුව මන්ත්රීවරයා බන්ධනාගාර නිලධාරීන් සමග ද සුහදව කටයුතු කරන බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.
මේ අතර බන්ධනාගාර ගතව සිටින කිසිදු රැඳවියෙකු බැලීමට පිටස්තරින් පැමිණෙන කිසිවෙකුටත් සෑම ඉරිදා දිනකම අවස්ථාව හිමි නොවන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ, බන්ධනාගාර නීතියට අනුව බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ.




