Published
එයාර් බස් සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත් කර සිටින පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා හෙට දිනයේ කොළඹ ත්රිපුද්ගල ස්ථිර මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්රාත් අධිකරණය නියම කළා.
ඒ පිළිබඳ වාර්තාව මේ මස 30 වනදා තම අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස් බෝදරගම මහතා නියෝග කළේ.
සැකකරු එම අධිකරණයට ඉදිරිපත් කරන තෙක් රදවා තබා ගන්න ලෙසත් කොළඹ ප්රධාන මහේස්ත්රාත්වරයා නියෝග කළා.



