Published
නාරම්මල - කටුපොත මාර්ගයේ සියඹලාගස්කොටුව ප්රදේශයේ සිදු වූ රිය අනතුරකින් තරුණයෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලීසිය පැවසුවේ කටුපොත දෙසට ධාවනය වූ යතුරුපැදියක් ප්රතිවිරුද්ධ දෙසින් පැමිණි ත්රිරෝද රථයක ගැටී යතුරුපැදිය පෙරලී ගොස් නවතා තිබූ වෑන් රථයකද ගැටි එම අනතුර සිදුව ඇති බවයි.
අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරු පැදිකරු කටුපොත රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
එහිදි ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 19 ක් වූ සියඹලාගස්කොටුව ප්රදේශයේ පදිංචි තරුණයෙක්.
අනතුරෙන් ත්රිරෝද රථයේ රියැදුරුද තුවාල ලබා නාරම්මල රෝහලට ඇතුලත් කර ඇති බවයි පොලීසිය පැවසුවේ.


