Published
නීතිවිරෝධී ක්රම භාවිත කරමින් ධීවර කටයුතුවල නිරත වූ ධීවරයින් 61 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
ඒ, ත්රිකුණාමලය පොල්මල්කුඩා, නීලක්කේණී, කෝනේෂ්වරම්, කොකනට් පොයින්ට් ඇතුළු වෙරළ හා මුහුදු ප්රදේශ කිහිපයක සිදුකළ මෙහෙයුමකදීයි.
එහිදි ඩිංගි යාත්රා 18ක් හා තහනම් ධීවර ආම්පන්න ද නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
එම ධීවරයන් ඉදිරි නීතිමය කටයුතු සඳහා ඊච්චලම්පත්තු, කොඩ්බේ, මුලතිව්, මන්නාරම සහ පුත්තලම යන ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාල වෙත හා පුල්මුඩේ පොලිස් ස්ථානය වෙත භාරදුන් බවයි නාවික හමුදාව වැඩිදුරටත් පැවසුවේ.











