සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් නෑගම් යන සහ ගම්බිම් බලා ගිය ජනතාව යළි කොළඹට පැමිණීම හේතුවෙන් දිවයිනේ සෑම ප්‍රධාන බස් නැවතුම්පොලවල පාහේ අද පෙරවරුවේ සිට ජනතාව රැදි සිටිනවා.
ඒ අනුව පෙර දිනවලට සාපේක්‍ෂව අද දිනයේ නගර වෙත පැමිණි ජනතාව ඉහළ ගොස් ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ.
පසුගිය දිනවල අඩපණ වී තිබූ ග්‍රාමීය බස් රථ සේවාද අද ක්‍රියාත්මක බවයි ඔවුන් කියාසිටියේ.
මේ අතර නෑගම් යන ජනතාවට මෙන්ම යළි කොළඹ සහ තදාසන්න ප්‍රදේශ වෙත පැමිණෙන ජනතාව වෙනුවෙන් අද දිනයේද විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මකයි.
ලංකා ගමනා ගමන මණ්ඩලයේ ගමනා ගමන කළමණාකරු එච්. පියතිලක මහතා නෙත් නිවුස් කළ විමසීමකදී පැවසුවේ සිය විශේෂ ප්‍රවාහන සේවා ලබන 21 වනදා දක්වා ක්‍රියාත්මක බවයි.
මේ අතර සති අන්තයේ ධාවනය වන දුම්රියට අමතරව විශේෂ දුම්රිය කිහිපයක් අද සහ හෙට ධාවනයට එක්කර ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුමේන්තුවේ ගමනා ගමන අධිකාරී අසංක සමරසිංහ මහතා නෙත් නිවුස් වෙත කියාසිටියේ.
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලට පැමිණීම සදහා පෞද්ගලික දුරගමන් බස් රථ සේවා අද දිනයේ ක්‍රියාත්මක බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පැවසුවා.




