සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තුන්වන සහ අවසන් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගය පස්වරු එකට ආරම්භවීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මෙම තරගයට එක්වන්නේ ජයග්‍රාහි ඉහළ මානසිකත්වයකින්.

ඒ, දෙරට අතර පැවති පන්දුවාර විස්ස ක්‍රිකට් තරග දෙකම ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ජයග්‍රහණය කිරීම හේතුවෙන්.

ඒ අනුව මෙම තරගයද ශ්‍රී ලංකා කණ්ඩායම ජයගහහොත් පන්දුවාර විස්ස පූර්ණ තරගාවලි ජයක් වාර්තා කිරීමට හැකි වනවා.

බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමග එක්දින තරග තුනක්ද පැවැත්වුණා.

ඉන් තරග දෙකක් ජයගත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්දින තරගාවලියේ ජයද තමන් සතු කර ගත්තා.