පරිපාලනය සහ දෙපාර්තමේන්තුව විවේචනය කරන නිලධාරීන්ට එරෙහිව දැඩි පියවර ගැනීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ අවධානය යොමුවි තිබෙනවා.
යම් නීතිවිරෝධි කටයුත්තක් සම්බන්ධයෙන් දැනුම්දීමට ඇත්නම් බන්ධනාගාර මූලස්ථානය වෙත ලිඛිතව එය දැනුම් දිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.
එවන් ක්‍රමවේදයක් තිබියදි ඇතැම් බන්ධනාගාර නිලධාරීන් සමාජ මාධ්‍ය ජාලා හරහා බන්ධනාගාර දෙපාර්තමේන්තුව විවේචනය කරන බවට වාර්තා වන බවද එම දෙපාර්තමේන්තුව පැවසුවා.
එලෙස කටයුතු කරන්නේ බන්ධනාගාර තුළ විවිධ අක්රමිකතාවලට සම්බන්ධ නිලධාරින් බවටද අනාවරණ වී තිබෙනවා.
එසේ කටයුතු කරන බන්ධනාගාර නිලධාරීන් තිදෙනෙකු සම්බන්ධයෙන් මේ වන විටත් තොරතුරු වාර්තා වී ඇති බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.
කුරුවිට බන්ධනාගාරයේ සේවය කරන බන්ධනාගාර සැරයන්වරයෙකු සහ නියාමකවරයෙකු ඒ අතරට අයත් බවද වාර්තා වුණා.
එලෙස තවදුරටත් කටයුතු කරන නිලධාරීන් සම්බන්ධයෙන් බන්ධනාගාර බුද්ධි අංශය මගින් තොරතුරු එක්රැස් කිරීමටද බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ අවධානය යොමු වී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.