දකුණු මුහුදේදී නාවික හමුදා භාරයට ගත් “පහන් පුතා” බහුදින ධීවර යාත්‍රාවේ තිබී හෙරොයින් සහ අයිස් කිලෝග්‍රෑම් 189 කට අධික තොගයක් සොයාගෙන තිබෙනවා.

ඒ අනුව අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 132ක් සහ හෙරොයින් 57 කට අධික ප්‍රමාණයක් සොයාගත් බවයි නාවික හමුදාව පැවසුවේ.

එම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් බිලියන 4 දශම 2කට අධික වනද නාවික හමුදාව පැවසුවා.

අදාළ මත්ද්‍රව්‍ය තොගය නිරීක්‍ෂණය කිරීම සදහා ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය, අරුණ ජයසේකර මහතා ද අද පෙරවරුවේ දික්ඕවිට වරායට පැමිණියා.

දිවයිනට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදු ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබියදී එම බහුදින ධිවර යාත්‍රාව සැකකරුවන් පස් දෙනෙකු සමග නාවික හමුදාව සිය භාරයට ගෙන තිබුණේ ඊයේ දිනයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදීයි.

ඒ අනුව එම බහුදින ධීවර යාත්‍රාව සහ සැකකරුවන් පස් දෙනා අද උදැසන දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන එනු ලැබුවා.

අදාළ හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගය එම බහුදින ධීවර යාත්‍රාවේ උර 10ක් තුළ ඇසුරුම් කර තිබූ බවයි නාවික හමුදාව පැවසුවේ.