ඉරාන යුද්ධය හේතුවෙන් ලෝක වෙළඳපොළේ බලශක්ති මිල ඉහළ යාමට ප්‍රතිචාර වශයෙන් පකිස්ථාන රජය බ්‍රහස්පතින්දා සිය රටේ ඉන්ධන මිල විශාල ලෙස ඉහළ නැංවූ බව එරට ඛනිජ තෙල් අමාත්‍ය අමාත්‍ය අලි පර්වේස් මලික් පවසනවා.
මෙම නව මිල සංශෝධනයට අනුව පෙට්‍රල් මිල සියයට 42.7 කින් සහ ඩීසල් මිල සියයට 54.9 කින් ඉහළ දමා ඇති බවයි ඔහු මාධ්‍ය හමුවේ කියාසිටියේ.
”ජාත්‍යන්තර වෙළඳපොළ මිල ගණන් අනුව ගනු ලැබූ මෙම තීරණයට අනුව, පෙට්‍රල් මිල ඉහළ නැංවීමෙන් පසු එහි නව මිල රුපියල් 458.40 ක් (ලීටරයක් ඩොලර් 1.64 ක්) වන අතර එය අද සිට ක්‍රියාත්මක බව එරට ඛනිජ තෙල් අමාත්‍යවරයා පැවසුවා.
කම්කරුවන්ට සහ පොදු ප්‍රවාහන සේවයට බෙහෙවින් වැදගත් වන” ඩීසල් ලීටරයක නව මිල පකිස්ථාන රුපියල් 520.35 ක් (ඩොලර් 1.86 ක්) ලෙස නියම කර ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
රජය සතු අයවැය දෙස බලා ජනතාවට පූර්ණ ආරක්ෂාවක් ලබා දීමට රජය උපරිම උත්සාහයක් ගත්තා. නමුත් සම්පත් සීමිත වීමත්, මෙම යුද්ධය අවසන් වන බවට දැනට කිසිදු සලකුණක් නොපෙනීමත් නිසා මෙම මිල වැඩි කිරීමේ බර ජනතාව වෙත පැවරීමට අපට බල කෙරුණා,” යැයි පර්වේස් පැවසීය.




