පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට සත්‍යය සහ සාධාරණය ඉටුකර දීම සඳහා අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු කතෝලික සභාව දරණ අවංක උත්සාහය වෙනුවෙන් සම්පූර්ණ සහාය පළ කරන බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය ප්‍රකාශ කරන්නේ මෑතක සිට සමාජ මාධ්‍ය ඔස්සේ කාදිනල් හිමිපාණන්ට සහ ඇතැම් පූජාප්‍රසාදීන් වහන්සේලාට අපහාස වන අන්දමින් ද්වේෂසහගත සහ අසත්‍ය මත ප්‍රචාරය කිරීමට ඇතැම් පාර්ශව උත්සාහ දරමින් සිටින බවයි.