පැරණි බෝගම්බර බන්ධනාගාර පරිශ්‍රය තුළ නව බන්ධනාගාරයක් ස්ථාපිත කිරීමට අදාළ ගැසට් නිවේදනය අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා විසින් නිකුත් කර තිබෙනවා.

ඒ, බන්ධනාගාර ආඥා පනතේ 2 වන වගන්තියෙන් බන්ධනාගාර ආඥාපනතේ කාර්යයන් සඳහා අමාත්‍යවරයාට පැවරී ඇති බලතල අනුවයි.

මේ අතර පසුගිය 7 වනදා ගාල්ල, මහමෝදර ප්‍රදේශයේ නව බන්ධනාගාරයක් ස්ථාපිත කිරීමට අදාළව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගේ අත්සනින් යුතුව අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළා.

ඒ අනුව වසාදැමුණු මහමෝදර රොහලේ කොටසක තාවකාලික පදනම මත මෙම බන්ධනාගාරය පවත්වාගෙන යෑමටයි නියමිතව ඇත්තේ.

මීගමුව බන්ධනාගාරයේ පසුගියදා හටගත් ගැටුමෙන් අනතුරුව මෙම පියවර ගෙන තිබෙනවා.