Published
පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනය අද පස්වරුවේ සිට සාමාන්‍ය පරිදි සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුත්තලම දුම්රිය මාර්ගය තිල්අඩි ප්‍රදේශයේදී ස්ථාන කිහිපයකදී ඊයේ ජලයෙන් යටවී තිබුණා.
ඒ අනුව පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනය
හලාවත දුම්රිය ස්ථානය දක්වා පමණක් සීමා කිරීමටයි දුම්රිය දෙපාර්තමේන්තුව ඊයේ පියවර ගත්තේ.
මේ වනවිට තිල්අඩි ප්‍රදේශය සහ අවට ස්ථානවල ජලය බැස ගොස් තිබෙනවා.
ඒ අනුව පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනය අද පස්වරු තුනේ සිට සාමාන්‍ය පරිදි සිදු වන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව
වැඩිදුරටත් පැවසුවේ.




