පුත්තලම දුම්රිය මාර්ගයේ වලහපිටිය දුම්රිය ස්ථානය අසලදී එම මාර්ගය මතට ගසක් කඩා වැටී තිබෙනවා.

මේ හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා සිදුව ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

එම මාර්ගය මතට ගස කඩා වැටීම හේතුවෙන් ධාවනය වූ දුම්රියක ඉදිරිපසට ද හානි සිදුව තිබෙනවා.

මාර්ගය මතට කඩා වැටුණු එම ගස ඉවත් කිරීමේ කටයුතු මේ වනවිට සිදුවන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.