පොල්පිතිගම, බලගොල්ල ප්‍රදේශයේ පුරාවස්තු සොයා කැණිම් සිදුකරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පුරාවස්තු සොයා ඉඩමක කැණීම් සිදුකරමින් සිටින බවට පොල්පිතිගම පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත එහි නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ වැටලීමකදීයි.

එහිදි අත්අඩංගුවට ගෙන ඇත්තේ මාඑළිය හා පොල්පිතිගම ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක්.

කැණීම් සදහා යොදාගත් උපකරණ කිහිපයක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පොල්පිතිගම පොලිසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.