Published
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 12 වනදා පැවැත්වෙන ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජන රැළිය සැලසුම් කළ පරිදි අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදීම පවත්වන බව හිටපු රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසනවා.
මුල් අවස්ථාවේදි එම ක්‍රීඩාංගණය ලබානොදිමට බලධාරීන් තීරණය කළද පසුව සිය ජන රැළිය පැවැත්වීම සදහා එම ක්‍රීඩාංගණය ලබාදීමට බලධාරීන් අවස්ථාව සලසා දුන් බවද ඔහු පැවසුවා.
හිටපු රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා මේ බව ප්‍රකාශ කළේ නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාව වෙනුවෙන් සචිනි සීලවර්ධන සමග රතු කට්ට දේශපාලන සංවාදයට සහභාගි වෙමින්.




