Published
බදුල්ල ශික්ෂණ රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයෙකු අතුරුදන්ව ඇතැයි පොලීසිය පවසනවා.
ඔහු ඊයේ දිනයේ සේවයට වාර්තා කිරීමට නියමිතව තිබුණද බදුල්ල ශීක්ෂණ රෝහලට වාර්තා කර නොමැති බවයි පොලීසිය පැවසුවේ.
ඔහුගේ ජංගම දුරකතනය අක්‍රීයව තිබූ බවයි වාර්තා වුණේ.
එම විශේෂඥ වෛද්‍යවරයා සිය මෝටර් රථය මහියංගනය දෙසට ධාවනය කරන බවට මීගහකිවුල ප්‍රදේශයේ සී සී ටී වී කැමරාවක සටහන්ව තිබෙනවා.
ඒ අනුව සිදුකළ විමර්ශන හමුවේ ඔහුගේ මෝටර් රථය බදුල්ල - මහියංගණය මාර්ගයේ 17 කනුව මාපාකඩවැව ප්‍රදේශයේ තිබී සොයාගත් බවයි මහියංගණය පොලීසිය පැවසුවේ.
ඒ අනුව අතුරුදන් එම නිර්විදන විශේෂඥ වෛද්‍යවරයා සොයා විමර්ශන ක්‍රියාත්මකයි.




