පල්ලේකැලේ දුම්බර බන්ධනාගාරයෙන් පලායමට තැත් කළ රැදවියෙකු නිලධාරීන් කළ වෙඩි තැබීමකින් ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් සේනක පල්ලෙතැන්න මහතා පැවසුවේ බන්ධනාගාර තාප්පයට යාබද ආරක්ෂක කුටියකට නැඟි අදාළ රැඳවියා එහි රාජකාරියේ නිරතව සිටි බන්ධනාගාර නිලධාරියෙකුගේ ගිනි අවිය උදුරා ගැනීමටද තැත් කර ඇති බවයි.

ඒ අනුව නිලධාරීන් කළ වෙඩි තැබීම හමුවේ රැදවියා එම ස්ථානයේදීම ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.

ගලගෙදර අධිකරණයෙන් ලබාදුන් නියෝගයක් මත එම රැදවියා මීට දින 10 කට පමණ එම බන්ධනාගාරයේ රදවා සිටි බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.

වයස අවුරුදු 27 ක් වන ඔහු අයිස් මත්ද්‍රව්‍ය ළග තබාගැනීමේ චෝදනාවක් යටතේයි රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ.