ගාලු මුවදොර ප්‍රදේශයේ බලපත්‍ර රහිතව විදේශීය මත්පැන් විකුණූ අවන්හලක් වටලා තිබෙනවා.

ඒ, සුරාබදු නිලධාරීන් කණ්ඩායමක් විසින්. එම අවන්හලේ තිබූ මත්පැන් තොගය සමග එහි සිටි පුද්ගලයෙකු සිය භාරයට ගත් බවයි සුරාබදු නිලධාරීන් පැවසුවේ.

එම පුද්ගලයා මත්පැන් තොගය සමග මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

එහිදී අධිකරණය නියෝග කර ඇත්තේ රුපියල් දෙලක්ෂ අසූපන් දහසක දඩයක් නියම කර මත්පැන් තොගය රාජසන්තක කරන ලෙසයි.