බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටි මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා සංවිධානාත්මක අපරාධකරුවන් හත් දෙනෙකු වැලිසර නාවික හමුදා කඳවුර තුළ ඉදිකෙරුණු අධි ආරක්ෂිත බන්ධනාගාරය වෙත මාරුකර යවා තිබෙනවා.

ඒ අනුව සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා, දෙමටගොඩ චමින්ද , ලොකු පැටී , මිදිගම රුවන් , මන්නා රමේෂ් , ආමි සම්පත් හා බැකෝ සමන් යන සංවිධානාත්මක අපරාධකරුවන් මෙලෙස වැලිසර අධි ආරක්ෂිත බන්ධනාගාරය වෙත මාරුකර යවා ඇති බවයි වාර්තා වන්නේ.

බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවූවන් 11 දෙනෙකු මෙලෙස වැලිසර අධි ආරක්ෂිත බන්ධනාගරය වෙත මාරු කිරීමටයි සැලසුම් කර තිබෙන්නේ.

එහි පළමු අදියර වශයෙන් 07 දෙනෙකු මෙලෙස මාරුකර යැවුනා.

හරක් කටා ඇතුලු තවත් කිහිප දෙනෙකු ඉදිරියේදී වැලිසර නාවික හමුදා කඳවුර තුළ ඉදිකෙරුණු නව අධි ආරක්ෂිත බන්ධනාගරය වෙත මාරු කිරීමට නියමිතයි.

බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධකරුවන් එහි සිටම තම ජාවාරම් මෙහෙයවන බවට පසුගිය කාලයේ තොරතුරු වාර්තා වුනා.

ඇතැම් ඝාතන සිද්ධීන්ද සැලසුම්කර තිබුනේ බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගරය තුළ සිට බවටයි වාර්තා වුණේ