දුම්රිය එන්ජිමක් පීලි පැනීම හේතුවෙන් මරදාන හා කොළඹ කොටුව අතර එක් දුම්රිය මාර්ගයක් අවහිර වී තිබෙනවා.

මරදාන වේදිකාවේ තිබු මැදිරි කිහිපයකට සම්බන්ධය කිරීම සදහා මරදාන දුම්රිය අංගනයේ සිට රැගෙන එමින් තිබු එන්ජිමක් එලෙස පීලි පැනීමකට ලක්ව ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.

එම එන්ජිමේ රෝද 4 ක් පිලී පැනීමකට ලක්ව ඇත්තේ මරදාන පාළම අසලදීයි.

අදාල දුම්රිය මරදාන දුම්රිය ස්ථානයෙන් පස්වරු 06.10 ට හික්කඩුව බලා ධාවනය වීමට නියමිතව තිබුණා.