Published
වෙසක් පුර පසළොස්වක පොහොය නිමිති කර ගනිමින් දිවයිනපුරා සංවිධාන කර ඇති දන්සැල් අද දිනයේද විශේෂ පරික්ෂාවකට ලක් කරන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් දන්සැල් සදහා නිකුත් කර ඇති විශේෂ මාර්ගෝපදේශ මාලාව යටතේ එම දන්සැල් පවත්වන්නේදැයි එහිදි දැඩිව පරීක්ෂා කරන බවයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් චමිල් මුතුකුඩ මහතා පැවසුවේ.
වෙසක් පුර පසළොස්වක පොහොය වෙනුවෙන් පැවැත්වෙන දන්සැල් 17,818 ක් ලියාපදිංචි වී ඇති බවද ඔහු කියා සිටියා.
ඉන් දන්සැල් 711 ක් ඊයේ දිනයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් පරීක්ෂාවට ලක් කර තිබෙනවා.




