කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයේ අද අලුයම් කාලයේ පැවති අධික වැසි හේතුවෙන් , ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට පැමිණි ගුවන් යානා 09 ක් මත්තල ගුවන් තොටුපොළ සහ ඉන්දියාවේ කොචින් සහ ත්‍රිවේන්ද්‍රම් ගුවන් තොටුපොළ වෙත යොමු කිර තිබෙනවා.
කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේ කටාර් රාජ්‍යයේ දෝහා නුවර සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත ගොඩබැස්සවීමට පැමිණි කටාර් ගුවන් සේවයේ ගුවන් යානා 02 ක් , සාජා නුවර සිට පැමිණි එයාර් ඇරේබියා ගුවන් සේවයේ ගුවන් යානා 02 ක් , අබුඩාබි නුවර සිට පැමිණි ඉටිහාඩ් ගුවන් සේවයේ ගුවන් යානයක් සහ කුවේට් සිට පැමිණි ජසීරා ගුවන් සේවයේ ගුවන් යානයක් වශයෙන් ගුවන් යානා 06 ක්' මත්තල ගුවන් තොටුපොළ වෙත හරවා යැවූ බවයි .
අද අලුයම 03.45 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට පැමිණි' කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 662 දරන ගුවන් යානය සහ අලුයම 02.35 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි' කිව්.ආර්.- 658 දරන ගුවන් යානය මත්තල ගුවන් තොටුපොළ වෙත යොමු කර තිබෙනවා.
මීට අමතරව සාජා නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත අද අලුයම 02.30 ට ගොඩබැස්සවීමට පැමිණි එයාර් ඇරේබියා ගුවන් සේවයේ ගුවන් යානයක් සහ අලුයම 04.00 කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක් ද මත්තල ගුවන් තොටුපොළ වෙත යොමු කෙරුණා.
එමෙන්ම අබුඩාබි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත අද අලුයම 03.30 ට ගොඩබැස්සවීමට පැමිණි ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 394 දරන ගුවන් යානය සහ කුවේට් රාජ්‍යයේ සිට අලුයම 04.45 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ජසීරා ගුවන් සේවයේ ජේ.9.- 551 දරන ගුවන් යානය ද මත්තල ගුවන් තොටුපොළ වෙත හරවා යවා තිබෙනවා.
අලුයම 04.45 ට ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට පැමිණෙමින් තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානය සහ ඉන්දියාවේ චෙන්නායි නුවර සිට අලුයම 03.20 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි' ඉන්ඩිගෝ ගුවන් සේවයේ .ඊ.- 1171 දරන ගුවන් යානය ද ඉන්දියාවේ කොචින් නුවර ගුවන් තොටුපොළ වෙත යොමු කර ඇති බවයි වාර්තා වුණේ.
කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට අද දින අලුයම 04.30 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට පැමිණෙමින් තිබූ ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 277 දරන ගුවන් යානය ද යළිත් ඉන්දියාවේ ත්‍රිවේන්ද්‍රම් ගුවන් තොටුපොළ වෙත හරවා යවා තිබෙනවා.




