Published
රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම මහතා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ඒ, නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගයක් මතයි.
ඒ අනුව මහින්ද කහඳගම මහතා ලබන 26 වනදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
පසුගිය 6 වනදා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මිරිහාන ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය සන්තකව සිටියදී මහින්ද කහදගම මහතා අත්අඩංගුවට ගනු ලැබුවා.




