මාලිගාවත්ත, කුණු ඇල මාර්ගයේ පාළම අසල සිදුකළ වැටලීමකදි මත්ද්‍රව්‍ය සමග තරුණයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කළේ කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයට ලද තොරතුරක් මත එහි නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ඔහු සන්තකයේ තිබී කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 69 ක්, කොකේන් ග්‍රෑම් 18 ක් හා මත්පෙති 40 ක් සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 19 ක් වන ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්.

ඔහු වැඩිදුර විමර්ශන සදහා මාලිගාවත්ත පොලිස් ස්ථානය වෙත භාරදී තිබෙනවා.