මැගසින් බන්ධනාගාරයේ රැදවියන් දෙදෙනෙකු සහ නිලධාරියෙකු අතර හටගත් පොර බැදීමකින් අනතුරුව එක් රැදෙවියෙකු මියගොස් ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

එහිදී තුවාල ලැබූ අනෙක් රැදවියා සහ බන්ධනාගාර නිලධාරියා ප්‍රතිකාර සදහා වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කළ බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.

මැගසින් බන්ධනාර පරිශ්‍රය තුළදී අදාළ රැදවියන් දෙදෙනා ඔවුන් රදවා සිටි වාට්ටුව ආසන්නයේ සිට එකවර වෙනත් ස්ථානයක් දුව ගොස් තිබෙනවා.

ඒ පිළිබද සැක සිතී අදාළ බන්ධනාගාර නිලධාරියා ඔවුන් දෙදෙනා අතරට ගිය අවස්ථාවේදී එම පොරබැදීම හටගෙන ඇති බවයි වාර්තා වුණේ.