මැණික්හින්න නගරයේ රෙදිපිළි වෙළඳ සැලක ඇතිවූ හදිසි ගින්නක් හේතුවෙන් එම වෙළඳසැලට මෙන්ම ඒ අවට පිහිටි වෙළඳසැල් කිහිපයකටද හානි සිදුව තිබෙන බව පොලිසිය පවසනවා.

අද අලුයම් කාලයේ ගින්න හටගෙන ඇති බව සඳහන් වන අතර ගින්න හටගත් රෙදි පිළි වෙළඳසැලට බරපතල හානි සිදුව තිබෙනවා.

මැණික්හින්න පොලිසිය, මහනුවර නාගරික ගිනි නිවන ඒකකය, ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩ පැවැත්වූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

ගින්නට හේතුව පිළිබඳව මේ දක්වා හෙළිව නැහැ.