ලෝක කම්කරු දිනය වෙනුවෙන් මැයි දින රැළි පැවැත්වූ ක්‍රීඩාංගණ සහ අදාළ ස්ථාන පිරිසිදු කිරීමේ කටයුතු ඊයේ රාත්‍රියේම සිදුකර තිබෙනවා.

ඊට මැයි රැළිවලට සහභාගි වූ ජනතාවද එක්ව සිටීම විශේෂත්වයක්.

ඒ අනුව නෙත් නිවුස් අද උදෑසන කොළඹ ප්‍රදේශයේ සිදුකළ ක්‍ෂේත්‍ර චාරිකාවකදි දැක ගත හැකි වූයේ මැයි දින රැළි පැවැත්වූ ක්‍රීඩාංගණ සහ වෙනත් ස්ථාන නිසි පරිදි ිපිරිසිදු කර ඇති බවයි.

ලෝක කම්කරු දිනය වෙනුවෙන් ජාතික ජනබලවේගය දිවයින ආවරණය වන පරිදි දිස්ත්‍රික්ක 21කදී පෙළපාලි සහ මැයි දින රැළි සංවිධාන කර තිබුණා.

නුවරඑළිය සහ මහරගම පැවති මැයි දින රැළි පැවැත්වුණේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්.

සමගි ජන බලවේගය මෙවර මැයි දින රැළිය පැවැත්වුයේ මාලිගාවත්ත පී ඩී සිරිසේන ක්‍රීඩාංගණයේදියි.

බොරැල්ල කැම්බල් පිටියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙවර සිය මැයි දින රැළිය පැවැත්වුවා.

සර්වජන බලය සිය මැයි දින සැමරුම පැවැත්වුයේ කොළඹ හෙන්රි පේද්‍රිස් ක්‍රීඩාංගණයේදීයි.

කෙසේවෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එක්සත් ජාතික පක්‍ෂය මෙවර මැයි දින පෙළපාලි හෝ මැයි රැළි පැවැත්වූයේ නැහැ.

ඒ වෙනුවට ඔවුන් ආගමික වැඩසටහන්වල නිරත වුණා.