Published
මිදිගම, ගුරුබැබිල දුම්රිය හරස් මාර්ගයේදී පොලිස් විශේෂ කාර්ය බලකායට අයත් ජිප් රථයක් දුම්රිය ගැටි එහි සිටින නිලධාරීන් සිව් දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
පොලීසිය පැවසුවේ තුවාල ලැබූ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් සිව් දෙනා මාතර මහරෝහලට ඇතුළත් කළ බවයි.
අදාළ ජීප් රථය ගැටි ඇත්තේ ගාල්ල සිට මාතර දෙසට ධාවනය වූ දුම්රියකයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මිදිගම පොලිස් ස්ථානය මගින් සිදුකරන ලබනවා.




