Published
පොළොන්නරුව - හබරණ ප්රධාන මාර්ගයේ මින්නේරිය හතේ කණුව ප්රදේශයේ සිදුවූ බස් රථ අනතුරෙන් තුවාල ලැබූ පිරිස 20ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
පොලීසිය පැවසුවේ තුවාල ලැබූවන්ගෙන් 15 දෙනෙකු පොළොන්නරුව රෝහලට ඇතුළත් කර ඇති බවයි.
සෙසු පුද්ගලයන් පස් දෙනා ඇතුළත් කර ඇත්තේ හබරණ රෝහලටයි. මැදිරිගිරියේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ අදාළ බස් රථය අද අළුයම 5.40 ට පමණ එලෙස අනතුරට ලක්ව තිබෙනවා.
අධික වේගයෙන් ධාවනය වූ එම පෞද්ගලික බස් රථ පෙරළී ගොස් අනතුර සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ.
රියදුරු විසින් අධික වේගයෙන් බස් රථය ධාවනය කිරීම හේතුවෙන් එම අනතුර සිදුවන්නට ඇති බවටයි පොලීසිය සැකකරන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්රියාත්මකයි.




