මීගමුව බන්ධනාගාර ගැටුමෙන් බරපතල තුවාල ලබා ප්රතිකාර ලබමින් සිටියදි ජීවිතක්ෂයට පත් වූ නිලධාරීන් දෙදෙනාගේ මෘත දේහයන් වැලිකඩ බන්ධනාගාර පරිශ්රයේ පිහිටි පුහුණු පාසල් පැරණි ගොඩනැගිල්ල වෙත රැගෙන ඒමට නියමිතව තිබෙනවා.
ඒ, ඔවුන් දෙදෙනාට අවසන් ගෞරව දැක්වීම සදහා සහෝදර නිලධාරීන්ට අවස්ථාව ලබාදීමටයි.
ඉන් අනතුරව එම දේහයන් ඔවුන්ගේ ඥාතීන් වෙත භාරදෙන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.
ඉකුත්දා මීගමුව බන්ධනාගාරයේ හටගත් ගැටුමෙන් බරපතල තුවාල ලැබූ එම නිලධාරීන් දෙදෙනා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලැබුවා.
එක් නිලධාරියෙකු ඊයේ රාත්රියේ ද අනෙක් නිලධාරියා අද අලුයම ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඔවුන් දෙදෙනා බන්ධනාගාර හදිසි ප්රතිචාර උපක්රමික ඒකකයට අනියුක්තව රාජකාරී කළ බන්ධනාගාර නියාමකයින් දෙදෙනෙක්.
ලුණුගම්වෙහෙර සහ අම්බලන්තොට ප්රදේශවල ඔවුන් පදිංචිව සිටි බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.
මෙම නිලධාරීන්ගේ දෙදෙනා ජීවිතක්ෂයට පත්වීමත් සමග මීගමුව බන්ධනාගාර ගැටුමෙන් ජීවිතක්ෂයට පත් වූ නිලධාරීන් ගණන 10 ක් දක්වා ඉහළ ගියා.
රැදවියන් 21 දෙනෙකුද එහිදී ජීවිතක්ෂයට පත් වුණා.




