Published
ලාෆ්ස් ගෑස් මිල සංශෝධනය කිරීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා එම සමාගමේ නිලධාරීන් හෙට (16) පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත කැඳවා තිබෙනවා.
විවිධ පිරිවැය පෙන්වා ගෑස් මිල ඉහළ දැමීම සහ ඒවායේ පවතින අනුකූලතාව සම්බන්ධයෙන් විමසා බැලීම මෙහිදී සිදු කෙරෙන බවයි එම අධිකාරිය කියාසිටියේ.
ගෑස් සැපයුම යථාවත් නොකිරීම සම්බන්ධයෙන් එම සමාගමට එරෙහිව අධිකරණ ක්රියාමාර්ග ගැනීමට ද පසුගියදා රජය කටයුතු කළ පසුබිමක ලාෆ්ස් ගෑස් මිල සංශෝධනය කිරීමට එම සමාගම කටයුතු කර තිබුණා.




