මිහින්තලය, අඹතලාගම ප්‍රදේශයේ ලැගුම්හලක සිදුකළ වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය සන්තකව සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, උතුරුමැද පළාත් අපරාධ විමර්ශන කොට්ඨාශයට ලද තොරතුරක් මත එහි නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ වැටලීමකදීයි.

සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රැම් 101 ක් සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගෙන ඇත්තේ රඹාවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරු වැඩිදුර විමර්ශන සදහා භාරදී ඇත්තේ මිහින්තලය පොලිස් ස්ථානය වෙතයි.

මේ අතර කටුනායක, හීනටියන හා තොටුපල ගං ඉවුර ප්‍රදේශයේ සිදුකළ වැටලීම් දෙකකදී නීතිවිරෝධි මත්පැන් සහ මත්පැන් පෙරීමට යොදාගත් උපකරණ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, කටුනායක පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්.

සැකකරුවන් සන්තකව තිබී නීති විරෝධී මත්පැන් බෝතල් 16 ක්, ගෝඩා බැරල් 21ක් ඇතුළු උපකරණ රැසක් සිය භාරයට ගත් බවයි පොලීසිය පැවසුවේ.