Published
මීගමුව බන්ධනාගාරයේ අද හටගත් ගැටුමෙන් තුවාල ලබා මීගමුව දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කළ තවත් අයෙකු මියගොස් තිබෙනවා.
ඒ අනුව අද හටගත් ගැටුමෙන් මියගිය පිරිස 20 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ උසස් නිලධාරියෙකු නෙත් නිවුස් වෙත කියාසිටියේ.
ගැටුමෙන් මියගිය බන්ධනාගාර නිලධාරින් ගණන 4ක්.
ගැටුමෙන් තුවාල ලැබූ සියයකට අධික පිරිසක් මීගමුව දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
ඉන් අසාධ්‍ය තත්ත්වයේ පසු වූ අට දෙනෙකු කඩිනමින් කොළඹ ජාතික රෝහලට මාරු කිරීමටයි පියවර ගත්තේ.
අසාධ්‍ය තත්ත්වයේ පසු වූ තවත් කිහිප දෙනෙකු කොළඹ ජාතික රෝහලට මාරු කිරීමට නියමිතයි.
මේ අතර මීගමුව බන්ධනාගාරයේ හටගත් ගැටුම පාලනය කිරීම සදහා බන්ධනාගාර, පොලිස් හා පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් කටයුතු කරමින් සිටින බවයි එහි සිටින නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.




