මීගමුව බන්ධනාගාරයේ අද හටගත් ගැටුමෙන් තුවාල ලැබූ සියයකට අධික පිරිසක් මීගමුව දිස්ත්‍රික් රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

ඒ පිළිබද එම රෝහලේ උසස් නිලධාරියෙකු මීට නොබෝ වේලාවකට පෙර නෙත් නිවුස් වෙත තහවුරු කළා.

අද පැවති ගැටුමෙන් මියගිය ගණන 19 ක්.

ඒ අතර බන්ධනාගාර නිලධාරීන් සිව් දෙනෙකු වන බවයි මීගමුව දිස්ත්‍රික්ක රෝහලේ එම උසස් නිලධාරියා පැවසුවා.

මීගමුව බන්ධනාගාරයේ පළමුව ගැටුම හටගත්තේ ඊයේ පස්වරු එකට පමණයි.

එහිදි තුවාල ලැබූ 36 දෙනෙකු මිගමුව රෝහලට ඇතුළත් කෙරුණා.

ඒ අතරින් රැදවියන් දෙදෙනෙකු ඊයේ දිනයේ මිය ගියා.

මිගමුව බන්ධනාගාරයේ තත්ත්වය පාලනය කිරීම සදහා අතිරේක පොලිස් බලඇණි සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ද තවදුරටත් කටයුතු කරමින් සිටින බවයි එහි සිටින නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.