මීටියාගොඩ, ඉරනවිල ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී මත්ද්‍රව්‍ය සන්තකව සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්.

සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ එකයි ග්‍රෑම් 118 ක් සහ හෙරොයින් ග්‍රෑම් 750 ක් සොයාගත් බවයි පොලීසිය පැවසුවේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉරනවිල ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.