Published
මුදල් කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද දිනයේ පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
අද දිනයේ ප්‍රධාන වශයෙන් සාකච්ඡා කිරීමට නියමිතව ඇත්තේ මහා භාණ්ඩාගාරයේ තිබූ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක් අස්ථාන ගත වීමේ සිද්ධිය සම්බන්ධවයි.
ඒ පිළිබද කරුණු විමසීම සදහා අද දිනයේ මුදල් අමාත්‍යංශ ලේකම් හර්ෂණ සුරියප්පෙරුම මහතා ද මුදල් කාරක සභාව වෙත කැදවීමටයි තීරණය කර තිබුණේ.
කෙසේ වෙතත්, මුදල් කාරක සභාවේ සභාපති සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පැවසුවේ මුදල් අමාත්‍යංශ ලේකම් හර්ෂණ සුරියප්පෙරුම මහතා මුදල් කාරක සභාව වෙත පැමිණීමට නොහැකි බවට දන්වා ඇති බවයි.
මුදල් අමාත්‍යංශ ලේකම් මෙම කමිටුවට සහභාගී නොවීම ගැටළුවක් බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා වැඩිදුරටත් පැවසුවේ.




